කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ බ්‍රිතාන්‍ය පරිඝනක සංගමය අතර ගිවිසුමක්

මාර්තු 20, 2022

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය විසින් තොරතුරු තාක්ෂණ සඳහා ප්‍රමුඛ ආයතනයක් වන බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ (British Computer Society) සාමාජිකත්වය ලබාගෙන ඇත.

විදේශ වරලත් ආයතනයක් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සමඟ එවැනි ආකාරයේ හවුල් ගිවිසුමක් ඇතිකර ගත් පළමු අවස්ථාව වන අතර ඒ සඳහා කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ඇත.

බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ මෙරට වසර 20කට වැඩි කාලයේදී එහි සංවිධාන සාමාජිකත්වය ලබාගත් පළමු අවස්ථාව මෙය බව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් සහ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ප්‍රාදේශීය කළමනාකාර දීපශිකා ගුණසේකර මහත්මිය අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදු විය.