රුපියල් මිලියන 12කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

මාර්තු 23, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (22) දින නොරොච්චෝලේ මාම්පුරි වෙරළ තීරයේ දී, ගංජා කිලෝ 41 යි ග්‍රෑම් 540 ක් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් අතහැර දමා ගොස් තිබියදී මෙම ගංජා තොගය සොයා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මාම්පුරි වෙරළ තීරයේ ස්ථානගත කර ඇති නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 12කට අධික බව නාවික හමුදාව විශ්වාස කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නොරොච්චෝලේ පොලිසිය විසින් සිදුකරන බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.