ශ්‍රී ලංකා වෙරළාරක්ෂකදෙපාර්තමේන්තුව විසින් කැස්බෑ පැටවුන් මුහුදට මුදා හරියි

මාර්තු 25, 2022

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතිය තුළ අවස්ථා දෙකකදී කැස්බෑ පැටවුන් 600 කට අධික ප්‍රමාණයක් මුහුදට මුදා හරින ලදී.

මිරිස්සේ වෙරළාරක්‍ෂක කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ අභිජනනය කරන ලද කැස්බෑ පැටවුන් 246 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මාර්තු 23 දින සවස ඔවුන්ගේ ස්වභාවික වාසභූමිය වෙත මුදා හරින ලද බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමෙන්තුව පවසයි.

කැස්බෑ පැටවුන් 360 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් මාර්තු 22 සවස වෙරළාරක්ෂක නිලධාරීන් විසින් මුදා හැරීමෙන් පසු මුහුදට ගිය බව එහි සඳහන් වේ.

ජනප්‍රිය වෙරල තිරයක් වූ මිරිස්ස වෙරළ තීරයෙන් ප්‍රථම වරට මුහුදට ඇතුළු වන නව ජන්ම මුහුදු කැස්බෑවුන් දැක ගැනීමේ දුර්ලභ දර්ශනය නැරඹීමට බොහෝ විදේශීය සංචාරකයින් වාසනාවන්ත විය.

මේ වන විට ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ කැස්බෑ පැටවුන් 3380 ක් පමණ මුහුදට මුදා හැර ඇත.