ඉන්දියාවේ පැවැත්වූ ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලියේදී
මෙරට යුද හමුදා ක්‍රීඩකයින්ට ජයග්‍රහණ

මාර්තු 27, 2022

ඉන්දියාවේ නාගලන්ඩ් හිදී පසුගියදා පැවැති ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලියේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා 5 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ සැරයන් ආර්.එම්.එස්. පුෂ්ප කුමාර සමත්විය.

මෙම තරඟාවලියේ සමස්ත අනුශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා පිරිමි කණ්ඩායම හිමිකර ගැනීමට සමත් වූ අතර, මෙම තරඟාවලිය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා කණ්ඩායමේ සෙබලියන් දෙදෙනෙකු සමස්ත කාන්තා අංශයේ අනුශූරතාවය දිනාගැනීමට සමත් වූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.