ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්සත් ජාතීන්ගේ මෙහෙයුමේ MI-17 හෙලිකොප්ටර් හුවමාරු කරයි.

අප්‍රේල් 04, 2022

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක මෙහෙයුමේ නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම වෙත MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් පිටත් කර යවන ලද අතර එම මෙහෙයුමේ යොදවා තිබූ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා තුනක් එහි මෙහෙයුම් කාලය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.

මෙම හෙලිකොප්ටර් හුවමාරුව මාර්තු 29 සිට අප්‍රේල් 02 දක්වා සිදු වූ අතර, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විදේශ මෙහෙයුම් අංශය හරහා ගුවන් යානා හුවමාරුව  සම්බන්ධීකරණය කරන ලද බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.