“ජාතික රණවිරු සැමරුම -2022” අභිමානවත්ව සැමරීම සඳහා මූලික සැලසුම් සකස් කෙරේ

අප්‍රේල් 04, 2022

රණවිරු සේවා අධිකාරිය මගින් සංවිධානය කරනු ලබන "ජාතික රණවිරු සැමරුම -2022" අභිමානවත්ව පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අද දින රණවිරු සේවා අධිකාරියේ සභාපති, මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

ආරක්ෂක මාණ්ඩලික  ප්‍රධානී කාර්යාලය, ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ දහතුන්වන ජාතික රණවිරු සැමරුම සාර්ථකව සිදුකිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි දී සිදු විය.

රණව්රු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, රණව්රු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්, ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම විශේෂ සාකච්ඡාව සඳහා සහභාගි විය.