ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාසල් ක්‍රීඩා පිටියක් ප්‍රතිසංස්කරණය කරයි

අප්‍රේල් 08, 2022

කණුගහවැව ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කර පසුගියදා (අප්‍රේල් 5) සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා භාර දුන් බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරයි.

දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ගුවන් හමුදා සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කර ඇති අතර එම ව්‍යාපෘතිය යටතේ විධිමත් ජලාපවහන පද්ධතියක් සහ භූමි අලංකරණ කටයුතු ද සිදු කළ බව එහි සඳහන් වේ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය සිසුන් 2000ක් පමණ ඉගෙනුම ලබන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් වන අතර ගුවන් හමුදා නිලධාරීන්, නාගරික සංවර්ධන අධිකාරිය සහ අධ්‍යාපන දෙපාර්තමේන්තු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම භාරදීමේ උත්සවය පැවැත්විණි.

S