අතිගරු ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවුඩය

අප්‍රේල් 13, 2022

වර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකීය අපට ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණ දීමට සිදු වී තිබේ. අප එය ජය ගත යුත්තේ එකමුතුකමින් හා නිවැරදි අභායෝගයෙන් යුතුවය. එල්ල වූ අභියෝග හමුවේ ඔබ අත්විඳි අපහසුතා බොහෝය. අපගේ රජය විසින්, පවතින ව්‍යාකූල තත්වයෙන් ජන ජීවිත සුරක්‍ෂිත කිරිමට පියවර ගනිමින් සිටිමු.

කෙසේ වෙතත් සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව නැවුම් අපේක්‍ෂාවන් සමඟ පිළිගැනීම පුරාතනයේ සිට පැවත එන අපගේ පිළිවෙත වේ. මෙවර අලුත් අවුරුදු උදාව ද අප සමරන්නේ එකී අපේක්‍ෂාවන් හා බලාපොරොත්තු සමඟය.

අලුත් අවුරුදු සැබෑ අයිතිය අපගේ දූ දරුවන් සතු වේ. දරුවන්හට ඒ අවුරුදු අසිරිය රැක දීම ගැන ඔබ වඩාත් සංවේදි වන බව මම දනිමි.

එසේම, අවුරුදු අසිරිය අත්විඳීමට දූ දරුවන් සමඟ එක්වීමට අවස්ථාව අහිමි විශේෂ රාජකාරිවල නිරත සැම මෙන්ම විදෙස් ගත සියලු දෙනාගේ කැපවීම සිහිපත් කරමි.

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පවතින අභියෝග ජය ගන්නා සෞභාග්‍යමත් වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.


ගෝඨාභය රාජපක්‍ෂ
2022 අප්‍රේල් මස 12 වන දින

අනුග්‍රහය - ජනාධිපති මාධ්‍ය අංශය