නාවික හමුදාව ගිං ගඟේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කරයි

අප්‍රේල් 14, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගිං ගඟේ අගලිය, වක්වැල්ල සහ දොඩංගොඩ පාලම් යට ජල ප්‍රවාහය නිදහසේ ගලායාමට බාධාවක්ව තිබූ අපද්‍රව්‍ය පසුගියදා ඉවත් කරන ලදී.

වර්ෂාව හේතුවෙන් ගංගාවට එකතු වූ අපද්‍රව්‍ය පාලම යට සිරවී ගංගාවේ ජල ප්‍රවාහයට බාධා ඇති කරන අතර එය ඒ අවට පහත් බිම්වලට ගංවතුර තර්ජනයක් ද ඇති කරයි.

නාවික හමුදාව ඔවුන්ගේ කිමිදුම්කරුවන් සහ දක්ෂිණ නාවික විධානය යටතේ සේවයේ නියුතු ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් යොදවා අවහිර කිරීම් දෙකක් කඩිනම්ව ඉවත් කරන ලදී.

ගිංතොටින් සාගරයට ගලා බසින ගිං ගඟ හරහා වැටී ඇති වක්වැල්ල, අගලිය සහ දොඩංගොඩ පටු පාලම් යට සිරවන අපද්‍රව්‍ය නාවික හමුදාව විසින් නිරතුරුවම පිරිසිදු කරයි.