ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩ භාර ගනී

අප්‍රේල් 19, 2022

අලුතින් පත්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (19) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී මීට සුළු මොහොතකට පෙර සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදී.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි නව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් පිළිගනු ලැබීය.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ පත් කරන ලදී.

ඒ අනුව, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විය.

මිට අමතරව ඔහු විදේශ කටයුතු අමාත්‍ය ධුරය ද හොබවයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, නාවික හා ගුවන් හමුදාපතිවරුන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.