එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා නිලධාරීන්
ගුවන් හමුදා මූලස්ථානයට පැමිණෙයි

අප්‍රේල් 22, 2022

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ එක්සත් ජනපද නිලධාරීන් අතර විශේෂ සම්මන්ත්‍රණයක් ඊයේ (අප්‍රේල් 20) ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානී ලුතිනන් කොමාන්ඩර් ෂෝන් ජින් ඇතුලු එම කාර්‍යාලයේ දූත පිරිස සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් එම්ඩී රත්නායක ඇතුලු ශ්‍රී ලංකා ගුවන් හමුදා දූත පිරිස මේ සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනාගත ආයතනික ධාරිතා ගොඩනැගීමේ කටයුතු පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී අවධානය යොමු විය. මෙම සමුළුව සඳහා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂ, එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, පුහුණු අධ්‍යක්‍ෂ, එයාර් කොමඩෝර් බන්දු එදිරිසිංහ, බටලන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක එයාර් කොමඩෝර් චන්න දිසානායක, ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක පාලනය සඳහා වූ ආයතනයේ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සම්බන්ධීකාරක මැතිව් බී අෂේලි මහතා සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයේ අනෙකුත් නිලධාරීන් සහභාගි වූහ.

Courtesy - www.airforce.lk