නාවික හමුදා සැපයුම් සම්මන්ත්‍රණය-2022 පැවැත්වේ

අප්‍රේල් 25, 2022

ශ්‍රී ලංකා නාවික හමුදා සැපයුම් සම්මන්ත්‍රණය-2022 පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 23) ත්‍රිකුණාමලයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

සම්මන්ත්‍රණය අතරතුර සැපයුම් සම්බන්ධ විද්‍යුත් සඟරාවක් එළි දක්වන ලදී. අංක 6 වන දීර්ඝ සැපයුම් කළමනාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානය කිරීමේ උත්සවය ද ඉන් අනතුරුව පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදා සැපයුම් අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා සහභාගී විය.

‘Opportunity of Revolutionary Logistics in Naval Context to Counter Challenges in Third Decade of Twenty First Century’  යන තේමාව යටතේ සැසිවාර දෙකක් ලෙස පවත්වන ලද මෙම සම්මන්ත්‍රණයේ දී පාඨමාලාවේ නිලධාරීන් සිය පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළ බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

සම්භාවනීය ආරාධිතයින්, ජ්‍යෙෂ්ඨ යුද, නාවික සහ පොලිස් නිලධාරීන් සහ ශිෂ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.