යුද හමුදාව දිවුලපිටිය රෝහලේ වාට්ටුවක් ප්‍රතිසංස්කරණය කරයි

අප්‍රේල් 27, 2022

දිවුලපිටිය දිස්ත්‍රික් රෝහලේ අබලන්ව තිබූ කොවිඩ් - 19 වාට්ටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කර එය නිල වශයෙන් රෝහල් බලධාරීන් වෙත පසුගියදා භාරදෙන ලදී.

141 බලසේනාවට අයත් 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සහ 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ‘ MAS Active Nirmana‘ ආයතනය වෙතින් සපයන ලද අරමුදල් සහ සම්පත් උපයෝගී කරගනිමින් ව්‍යාපෘතිය නිම කරන ලද බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අවස්ථාව සඳහා යුද හමුදා නිලධාරීන්, අනුග්‍රහය ලබාදුන් ආයතනයේ නියෝජිතයින් සහ රෝහලේ නිලධාරීන් සහභාගී වූ බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.