ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය තවත් කැස්බෑ පැටවුන් වෙරළට මුදාහැරේ

අප්‍රේල් 28, 2022

වෙරළාරක්‍ෂක කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘති හරහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තරවලින් බිහිවූ කැස්බෑ පැටවුන් 1603 ක් මෑතකදී වෙරළට මුදාහරින ලදි.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය සිය සේවාවන් අඛණ්ඩව සිදුකරමින් කැස්බෑ පැටවුන් ආරක්‍ෂිතව මුහුදට මුදාහරින ලද බවත් ඔවුන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා කැස්බෑ බිත්තර ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන තුළ හෝ ඒ අවට සංරක්‍ෂණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් වෙරළාරක්‍ෂක බලකා ආරංචි මාර්ග පවසයි.

කැස්බෑවන්ගේ ස්වභාවික වාසස්ථාන තර්ජනයට ලක්වන විට ඒවා ආරක්‍ෂිත ප්‍රදේශවල සංරක්‍ෂණය කිරීමට කටයුතු කරන බව වෙරළාරක්‍ෂක බලකාය වැඩිදුරටත් පවසයි.

කැස්බෑ බිත්තර 9541 ක් සංරක්‍ෂණය කරමින් අද වන විට මෙම වසර තුළ මේ දක්වා කැස්බෑ පැටවුන් 6905 ක් පමණ මුහුදට මුදාහැර ඇත.