55 වන සේනාංකයේ සම්බන්ධීකරනයෙන් කඩෙයකාඩු ප්‍රදේශයට ළමා උද්‍යානයක්

අප්‍රේල් 30, 2022

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ භටපිරිස් විසින් දකුණු ප්‍රදේශයේ අනුග්‍රාහකයින් පිරිසකගේ මූල්‍යමය ආධාර ඇතිව යාපනය අර්ධද්වීපයේ කඩෙයකාඩු සහ කෙවිල් යන ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ගේ විනෝදාස්වාදය මෙන්ම කුසලතාව සංවර්ධනය කිරීම සඳහා ළමා උද්‍යානයක් සහ පුස්තකාලයක් ඉදිකරන ලදී.

‘දරුවන්ට සුරක්‍ෂිත සහ යහපත් අනාගතයක්’ යන තේමාව යටතේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය පසුගිය අඟහරුවාදා (26) දින පැවති උත්සවයකදී එම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහකත්වය දැක් වූ පියදාස ගමගේ සහ තුෂාර අමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් විවෘත කර එම ප්‍රදේශයේ ජීවත්වන දරුවන්ගේ ප්‍රයොජනය සඳහා භාරදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ගුණරත්නගේ ආරාධනයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙම ව්‍යාපෘතිය යටතේ ඉතා කෙටි කාලයක් තුල වැඩ නිමකරන ලද නව ළමා උද්‍යානයක් සහ එම උද්‍යානයට ළමුන් රැගෙන එන දෙමාපියන්ගේ පරිහරණය සඳහා පුස්තකාලයක්ද ස්ථාපිත කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන ‘ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ ට සමගාමීව ‘මානව හිතවාදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව’ යන සංකල්පය යටතේ සිවිල් වැසියන් සහ ආරක්‍ෂක අංශ සාමාජිකයන්‍අතර සුහඳතාවය, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් යාපනය අර්ධද්වීපයේ ළමුන් සහ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පුද්ගලයින්ගේ යහපත වෙනුවෙන් ප්‍රජා මූලික ව්‍යාපෘති රාශියක් දැනටමත් ක්‍රියාත්මක කරමින් පවති.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින්, එම ප්‍රදේශවල වෙසෙන දරු දැරියන් සහ එම දරුවන්ගේ දෙමාපියන් ද සහභාගී වූහ.

උපුටා ගැනීම - www.army.lk