ආරක්‍ෂක ලේකම් වෙත පොත් පිළිගැන්වේ

අප්‍රේල් 22, 2022

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා විසින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත අද (22) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පොත් දෙකක් පිළිගැන්වීය.

“බුදුසරණයි” සහ පූජාවලිය” යන ග්‍රන්ථ දෙක, මහාචාර්ය ධර්මරත්න මහතා සහ ජාතික පුස්තකාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා විසින් ආරක්ෂක ලේකම් වෙත පිළිගන්වන ලදී.

ආරක්‍ෂක ලේකම්තුමාද ජාතික පුස්තකාලය සඳහා ඔහු විසින් රචිත ග්‍රන්ථ දෙකක් මහාචාර්ය ධර්මරත්න මහතා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.