මඩකලපුව ගුවන් හමුදා සාමාජිකයන්ගෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

මැයි 05, 2022

මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු ගුවන් හමුදා සාමාජිකයින් බදාදා (04) දින පැවති ලේ දන්දීමේ වැඩසටහනකදී මඩකලපුව ශික්‍ෂණ රෝහලට අවශ්‍ය රුධිරය පරිත්‍යාග කරන ලදි.

මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ප්‍රජා සේවා වගකීම් වැඩසටහනේ කොටසක් ලෙස රෝහලේ රුධිර සංචිත නැවත පිරවීමේ හදිසි අවශ්‍යතාවය පෙන්වා රෝහල් බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ලේ දන්දීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කළ බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් හමුදාවේ සේවා සහ සිවිල් පුද්ගලයන් මෙම වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන් ලේ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ බව ද එහි සඳහන් වේ.