යාපනයේ පාසල් ශිෂ්‍ය භටයින් සඳහා යුද හමුදාවෙන් නායකත්ව පුහුණුවක්

මැයි 08, 2022

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනය පාසල්වල ශිෂ්‍ය භටයින් 50 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගියදා තල්සෙවන නිවාඩු නිකේතනයේදී පවත්වන ලදී.

නායකත්ව කුසලතා සහ පෞරුෂය වර්ධනය, තීරණ ගැනීම, ආචාර විධි ආදිය පිළිබඳව මෙම පුහුණු වැඩසටහනේ දී අවධානය යොමු වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.

යාපනය හින්දු විද්‍යාලය, ශාන්ත පැට්‍රික් විද්‍යාලය සහ යාපනය වාසවිලාන් මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් වල ශිෂ්‍ය භටයින් සහ යාපනය හින්දු විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ශිෂ්‍යභට ගුරුවරුන් මෙම වැඩමුළුවේදී පුහුණුව ලැබූ බව යුද හමුදාව පවසයි.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 51 වන සේනාංකය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහගේ  මගපෙන්වීම මත මෙම වැඩසටහන පවත්වන ලදී.