මාධ්‍ය නිවේදනය

මැයි 15, 2022

LTTE ත්‍රස්තවාදී සංවිධානය විසින් මැයි මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉංදිය ඔත්තු සේවා උපුටා දක්වමින් 2022 මැයි මස 13 දින   ඉංදියාවේ The Hindu පුවත්පතේ පුවතක්   පල කර ඇත.

ඉහත තොරතුරු සබැඳිව මෙරට බුද්ධි අංශ විසින් ඉන්දීය බුද්ධි අංශ වෙතින් කරුණු විමසීමෙන් අනතුරුව එම තොරතුර සාමාන්‍ය තොරතුරක් ලෙස දන්වා ඇති බවත් මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වැඩිදුර තොරතුරුවේනම් ඒවා පිළිබඳව මෙරටට දැනුම් දීමට කටයුතු කරන බව ද දන්වා ඇත.

කෙසේ වෙතත් මෙම තොරතුර සහ ජාතික ආරක්‍ෂාව හා සබැඳිව  බුද්ධි සහ ආරක්‍ෂක අංශ වෙත ලැබෙන සියලු තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයන් සිදු කර අදාල ආරක්‍ෂක අංශ දැනුවත් කර ආරක්‍ෂාව තර කිරීම සඳහා සියලු ඉදිරි ක්‍රියාමාර්ග  ගැනීමට කටයුතු කර ඇත.