යාපනයේ වැන්දඹුවකට නව නිවසක් ඉදිකරීමට යුද හමුදා සහය

මැයි 16, 2022

යාපනයේ වැන්දඹුවක් සඳහා නව නිවසකට මුල්ගල තැබීම පසුගියදා සිදුකෙරුණි. යුද හමුදා මාධ්‍යවලට අනුව, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ 55 වන සේනාංකය විසින් යුද හමුදා සමාජ සත්කාර වැඩසටහන්වල කොටසක් ලෙස, වැන්දඹුවකට සහ ඇගේ පවුලට යාපනයේ උඩුතුරෙයි ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර දීම සඳහා කටයුතු ආරම්භ කර ඇත.

නිවාස ප්‍රථිලාභී වී. වසන්තා කුමාරී මහත්මියගේ පවුලේ සාමාජිකයින්ගේ ආර්ථික අපහසුතා පිළිබඳව 55 වන සේනාංකයේ අවධානය යොමුවිමෙන් අනතුරුව මෙම නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීය. ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සහ 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ගුණරත්න විසින් කරන ලද ඉල්ලීමකට අනුව මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ගේ මූල්‍ය ආධාර මත මෙම නිවස ඉදිකරන බව එහි සඳහන් වේ.