ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයෙක් පැරිස් බොක්සිං තරගාවලියේ
රන් පදක්කමක් දිනාගනී

මැයි 18, 2022

ප්‍රංශයේ පැවති ජාත්‍යන්තර බොක්සිං තරගාවලියකදී ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං ක්‍රීඩක ලාන්ස් කෝප්‍රල් පී.ඒ.ආර් ප්‍රසන්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 57 බර පන්තියේ රන් පදක්කම දිනා ගන්න ලදි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන මෙම ජයග්‍රහණය ලබාගත් ක්‍රීඩකයා 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් සෙබළෙක් වන අතර, මෙම තරගාවලිය මැයි මස 12 සිට 15 දක්වා පැරීසියේදී පැවත් වූ බව යුද හමුදා මාධ්‍ය සඳහන් කරයි.