වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව තවත් කැස්බෑ පැටවුන් නිදහස් කරයි

මැයි 20, 2022

වෙරළාරක්ෂක කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය හරහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සංරක්ෂණය කරන ලද කැස්බෑ බිත්තර මගින් කැස්බෑ පැටවුන් 283දෙනක් නිදහස් කරන ලදී.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව අඛණ්ඩව සිදුකරනු ලබන මෙම උදාර සේවාව මගින් කැස්බෑ පැටවුන් ආරක්ෂිතව මුහුදට මුදා හැර ඇති අතර මෙම ව්‍යාපෘතිය හරහා කැස්බෑ බිත්තර ඔවුන්ගේ ස්වභාවික වාසභූමි තුළ හෝ අවට පරිසරය තුල ආරක්ෂා කිරීම සඳහා සංරක්ෂණය කිරීමට කටයුතු කෙරේ.

ස්වභාවික වාසස්ථාන තර්ජනයට ලක් වූ විට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඒවා ආරක්ෂිත ප්‍රදේශවල සංරක්ෂණය කරන අතර මේ වසර තුළ ඔවුන් විසින් කැස්බෑ පැටවුන් 8292 ක් පමණ මුහුදට මුදා හැර ඇති බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි.