නාවික හමුදාවේ මුලිකත්වයෙන් උතුරු වෙරළේ
කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්

මැයි 22, 2022

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ යාපනය, මන්ඩතිව් දූපත සහ පොන්නාලේ කලපු ආශ්‍රිත වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් අද (2022 මැයි 20) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතියේ තවත් එක් අධියරක් ලෙස යාපනය අර්ධද්විපය ආශ්‍රිත ප්‍රදේශයේ වෙරළ ඛාදනය වැළැක්විම අරමුණු කරගනිමින් උතුරු නාවික විධානය මඟින් යාපනය, මන්ඩතිව් දූපත සහ පොන්නාලේ කලපු ප්‍රදේශ ආශ්‍රිත වෙරළ තීරයන් ආවරණය වන පරිදි කඩොලාන පැල 3800ක් පමණ රෝපණය කිරිම මෙලෙස සිදු කෙරිණි.

තවද, මෙම කඩොලාන පැළ රෝපණය කිරීමේ අවස්ථාව සඳහා උතුරු විධානභාර නියෝජ්‍ය ආඥාපති, දෙපාර්තමෙන්තු ප්‍රධානින්, නිලධාරින් සහ නාවිකයන් මෙන්ම ප්‍රදේශයේ ආගමික නායකයින්, පාසල් සිසුන් සහ ගුරුවරුන් ඇතුළු ජනතාව සහභාගි වි සිටින ලදී.

අනුග්‍රහය - www.navy.lk