ශ්‍රී පාද මළුවේ සිට නල්ලතන්නිය දක්වා පුජනීය වස්තූන් වැඩම කරවීම යුද හමුදා දායකත්වයෙන්

මැයි 23, 2022

ශ්‍රී පාදස්ථාන වන්දනා සමයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී පාදස්ථාන මලුවේ සිට ධාතු කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ හා පූජා භාණ්ඩ ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් සම්ප්‍රදායානුකූලව පෙරහැරකින් නල්ලතන්නිය වෙත වැඩම කරන ලදී.

පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් පරිදි පැවැත්වූ මෙම පුණ්‍ය කර්මය සඳහා 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් දායක වූ බව යුද හමුදා මාධ්‍ය  පැවසීය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා, 112 බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දිම කුමාරසිංහ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම පුණ්‍ය කර්මය සදහා සහභාගී වූ බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.