යුද හමුදාව විසින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම විහාර මහා දේවී උද්‍යානයේදී

මැයි 23, 2022

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් විසින් සිවිල් ජනතාව සඳහා කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහනේ සිව්වන අදියරය සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම පරිදි පසුගියදා විහාර මහා දේවී උද්‍යානයේ දී පවත්වන ලදී.

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අධීක්‍ෂණය සහ සම්බන්ධීකරණය ඇතිව කොළඹ නාරාහේන්පිට යුද හමුදා රෝහලේ වෛද්‍ය කණ්ඩායම් විසින් මෙම එන්නත් ලබාදීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.