රළු මුහුදු කාලගුණයක් සහ මිලිමීටර් 50 ට අධික වර්ෂාපතනයක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

මැයි 24, 2022

සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද කාලගුණ අනාවැකිය (24) නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ, ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ/ රාත්‍රී කාලයේදී වැසි/ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, පුත්තලම සිට කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශ තරමක් රළු ස්වභාවයක් ගත හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ මුහුදු ප්‍රදේශ වල ඉතා රළු තත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ අනාවැකිය වැඩිදුරටත් සඳහන් කරයි.