යුද හමුදාවේ යුපුන් අබේකෝන් නව ජාතික සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවයි

මැයි 28, 2022

ජර්මනියේ පැවති ජර්මානු විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 විවෘත ඉසව්ව පසුගිය බ්‍රහස්පතින්දා (26) පැවති අතර එහිදී තත්පර 10.06 කින් නිමා කරමින් නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මාණ්ඩලික සැරයන් යුපුන් අබේකෝන් සමත් විය.

ඒ ඔහු විසින්ම 2021 වසරේදී තැබූ තත්පර 10.15 ක වාර්තාව බිඳ දමමිනි.

මේ අනුව මාණ්ඩලික සැරයන් යුපුන් අබේකෝන් සියලුම දකුණු ආසියානු වාර්තාවන් බිඳ හෙළමින් මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කර නව දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන බව යුද හමුදා මාධ්‍ය තහවුරු කළේය.