ආරක්‍ෂක ලේකම් මියගිය එක්සත් ජාතීන්ගේ
සාම සාධක භටයන් සමරයි
මැයි 29, 2022
එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගේ ජාත්‍යන්තර දිනය වන අද, මැයි 29, සාමය වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලාංකිකයන් 11 දෙනා ඇතුළු සියලුම එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන්ට උපහාරය පුද කිරීමට මම කැමැත්තෙමි.
අවිහිංසාව ලෝකයේ ‘ශ්‍රේෂ්ඨතම’ සහ ‘ශක්තිමත්ම’ ආයුධය ලෙස සැලකේ. එබැවින්, මෙම සුවිශේෂී දිනයේ දී, අපි ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම 'ගෞරවය' සහ 'මනුෂ්‍යත්වය' ප්‍රකාශ කරන අවිහිංසාව පිළිබඳ දැනුවත්භාවය ව්‍යාප්ත කළ යුතුය.