ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

ජුනි 01, 2022

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (ජුනි 01) පස්වරු 4.30 දක්වා වලංගු වන නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, ඇලපාත, කුරුවිට සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවලට ‘රතු’ වර්ණ අනතුරු ඇඟවීම් (3 මට්ටම) නිකුත් කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දෙහිඕවිට, වරකාපොල සහ කෑගල්ල, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පිටබැද්දර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, පැල්මඩුල්ල, අයගම සහ නිවිතිගල යන ප්‍රදේශවලට ‘ඇම්බර්’ (2 මට්ටම) අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

අවදානම් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ සහ අදාළ මට්ටම් පහත පරිදි වේ.