නව යුද හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුනි 02, 2022

නව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අද (ජුනි 02) කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

යුද හමුදාපති ආරක්‍ෂක ලේකම් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව නව පත්වීම සම්බන්ධයෙන් ලුතිනන් ජෙනරල් ලියනගේ වෙත සුබ පැතුම් එක් කල  අතර, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් ද පැවැත්විණි.     

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම් සහ යුද හමුදාපති අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ලුතිනන් ජෙනරල් ලියනගේ 24 වැනි යුද හමුදාපතිවරයා ලෙස ඊයේ (ජුනි 1) දින යුද හමුදා මූලස්ථානයේ පැවති නිල උත්සවයකදී වැඩ භාර ගන්නා ලදි.