ගංවතුරින් විපතට පත් ජනතාවට යුද හමුදා සහය

ජුනි 03, 2022

ශ්‍රී ලංකා යුද හමුදා 12 වන ඉංජිනේරු බලකායේ භට පිරිස්, අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතැම් ස්ථානවල ගංවතුරෙන් සිරවී සිටි අ.පො.ස සාපෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ඉක්මන් ප්‍රතිචාරයක් වශයෙන් ගමනා ගමනය සඳහා පහසුකම් සලසන ලදි.

ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් බියගම ප්‍රදේශයේ යටවත්ත, මැදිය සහ ගැමුණු මාවත යන ප්‍රදේශවල ගංවතුරෙන් විපතට පත් පවුල් 50 කට පමණ කඩිනම් සහන සලසා ඇති අතර, ගස් අතු කඩාවැටීම හේතුවෙන් අවහිරව තිබු මාර්ගවල වාහන ගමනාගමනය පහසු කිරීම සඳහා කැඩී ගිය ගස් අතු ඉවත් කල බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි ආපදා තත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා යුද හමුදා භට පිරිස් රාජ්‍ය ආයතන, පොලිසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කරමින් සිටියි.