උයිලන්කුලම් ප්‍රදේශයේ පවුලකට යුද හමුදාවෙන් නව නිවසක්

ජුනි 03, 2022

ශ්‍රී ලංකා යුද හමුදාව තවත් එක් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස උයිලන්කුලම් ප්‍රදේශයේ දිළිඳු පවුලක් සඳහා නව නිවසක් ඉදිකර පසුගියදා භාර දෙන ලදී.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 65 වැනි සේනාංකයට අයත් 651 බලසේනාවේ 17 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් “Welbeing SA Inc” හි ඇඩිලේඩ් හි ශ්‍රී ලංකික සාමාජිකයින් සහ දකුණු ඕස්ට්‍රේලියාවේ විශ්‍රාමික ශ්‍රී ලංකා ඉංජිනේරුවන් විසින් සපයන ලද අනුග්‍රහය ඇතිව මෙම ව්‍යාපෘතිය සිදු කල බව යුද හමුදාව පැවසීය.

මෙම නිවස ප්‍රධානය කිරීමේ උත්සවයට 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, පවුල්වල සාමාජිකයින් සහ භට පිරිස් ද සහභාගී වූ බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.