යුද සහ ගුවන් හමුදා එකාබද්ධ ‘Cast Master’ පාඨමාලාව නයාරු හි පැවැත්වේ

ජුනි 05, 2022

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකාය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව ‘Cast Master’ පාඨමාලාව පසුගියදා මුලතිව් නයාරු විශේෂ බලකා සටන් කිමිදුම් පාසලේදී පවත්වන ලදී.

ප්‍රථම වරට පවත්වන ලද මෙම සමුද්‍රීය හා ජලජ මෙහෙයුම් පාඨමාලාව මැයි 4 සිට මැයි 9 දක්වා පැවති අතර විශේෂ බලකායේ එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 15 දෙනෙකු මේ සඳහා සහභාගී විය.

සමුද්‍ර හා ජලජ ක්‍රියාන්විත සිදුකිරීමේදී ගුවනින් ගොස් ක්‍රියාන්විත ස්ථානයන් වෙත නිවැරදිව බෝට්ටුවක් මතට පතිත කරවීමේ දැනුම හා නිවැරදිව ජලජ ක්‍රියාන්විත සිදුකිරීමත්, පිහිනීම හා කිමිදුම් පුහුණුව විශේෂ බලකා සාමාජිකයින් වෙත ලබාදීමේ අරමුණින් මෙම පාඨමාලාව පවත්වන ලද බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.