නාවික හමුදාවෙන් අරන්තලාව සහ ගලේවෙලට ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක්

ජුනි 05, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ප්‍රජා සුබසාධනය ඉලක්ක කරගත් සේවාවේ තවත් එක් පියවරක් ලෙස අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සහ ගලේවෙල ඉහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් පසුගියදා පිහිටුවන ලදී.

මෙම ප්‍රජා මූලික සංවර්ධන කාර්යය මගින් අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ භික්ෂූන් වහන්සේලාගේ සහ ඉහළ දිග්ගල ප්‍රදේශයේ පාසල් සිසුන් සහ පවුල්වල සාමාජිකයින්ගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සපුරාලන බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

ගිනිකොණ නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් මහින්ද මහවත්ත විසින් නව මධ්‍යස්ථාන විවෘත කරන ලදී.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක නිදන්ගත වකුගඩු රෝගය වැලැක්වීමේ ජාතික වැඩසටහනට සම්බන්ධ වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය ඇතිව නාවික හමුදාව විසින් තාක්ෂණික විශේෂඥතාව සහ ශ්‍රම දායකත්වය ලබා දෙමින් රට පුරා ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපිත කරයි.