2021/2022 ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සම්මාන ලබයි

ජුනි 06, 2022

පසුගියදා පැවති 70 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් ජයග්‍රහණ රැසක් අත්කරගැනීමට සමත් විය.

ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරන පරිදි ගුවන් හමුදා පිරිමි කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් හයක් සහ ලෝකඩ පදක්කම් පහක් දිනාගත් අතර කාන්තා කණ්ඩායම රන් පදක්කම් අටක් සහ රිදී පදක්කම් අටක් හිමිකර ගනිමින් ශූරතාවලියේ ශූරතාව තහවුරු කර ගැනීමට සමත් විය. මීට අමතරව ගුවන් හමුදා  පිරිමි ‘බී’ කණ්ඩායම සමස්ත අනුශූරතාව හිමිකර ගන්නා ලදී.

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය විසින් සංවිධානය කරන ලද 70 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලිය – 2021/2022පසුගිය ජුනි 03 සහ 04 දිනවල ශ්‍රී ජයවර්ධනපුර පිහිනුම් තටාක සංකීර්ණයේදී සහ ගල්කිස්ස ජීවිතාරක්ෂක මූලස්ථානයේදී පැවැත්විණි.