ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව බ්‍රිතාන්‍ය මහ රැජිනගේ
ප්ලැටිනම් ජුබිලි සංදර්ශනයට සහභාගී වේ

ජුනි 08, 2022

එක්සත් රාජධානියේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා කණ්ඩායමක් 2022 ජුනි 05 වන ඉරිදා පැවැත්වුණු දෙවන එලිසබෙත් රැජිනගේ ප්ලැටිනම් ජුබිලි සංදර්ශනයට සහභාගී විය.

මහා බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජිණ, සිංහාසනයේ වසර 70ක පාලන සමයක් සනිටුහන් කරමින් ප්ලැටිනම් ජුබිලියක් සැමරූ පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා බවට පත්විය. රැජින වෙනුවෙන් ජූනි 02 සිට 05 දක්වා පැවති සැමරුම් මාලාවක කොටසක් ලෙස මෙම සංදර්ශනය සංවිධානය කර තිබු අතර, එය හමුදා සංදර්ශනයක් සහ සංස්කෘතික සංදර්ශන ඇතුළු බොහෝ අංග වලින් සමන්විත විය.

සංදර්ශනය අවසානයේ ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණි අතර, එහිදී එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය මේ සඳහා සහභාගී වීම පිළිබඳව සිය ස්තුතිය පුද කරන ලදි.

අනුග්‍රහය - www.srilankahc.uk