අම්පාර රණවිරු සංසදයේ දායකත්වයෙන් පාසල් දරුවන්ට සහ
අඩු ආදායම් ලාභී පවුල් වෙත සහන ලබාදේ

ජුනි 08, 2022

අම්පාර සහ දමන රණවිරු සංසද සාමාජිකයන්ගේ දායකත්වයෙන් අඩු ආදායම් ලාභී පවුල් සහ පාසල් දරුවන්ට වියලි සලාක මලු සහ රු.5000.00 ක වටිනාකමින් යුතු පාසල් උපකරණ වවුචර් පත් ලබා දීම පසුගියදා සිදුවිය.

අම්පාර දිස්ත්‍රික්කයේ රණවිරු සංසද සාමාජිකයන් විසින් මුවංගල රණවිරු ස්මාරකය අභියසදී සංවිධානය කරන ලද රණවිරු අනුස්මරණ වැඩසටහනකදී මෙම පරිත්‍යාග ලබා දුන් බව රණවිරු සේවා අධිකාරිය පවසයි.

ඊට අමතරව රණවිරු සේවා අධිකාරිය මගින් ලබා දුන් මෝර්ටිවේෂන් රෝද පුටු 6ක් හා ශ්‍රවනාධාර උපකරණ කට්ටලයක් රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් ලබා දීමද මෙහිදී සිදුවිය.

තවද, මහා සංඝ රත්නය විසින් කාව්‍යමය කවි බණ දේශනාවක් පැවැත්වීමද මෙහිදී සිදුවිය.

අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම්, පරිපාලන නිලධාරී, රාජ්‍ය කලමනාකාර සේවා නිලධාරී, දමන පරිපාලන නිලධාරී, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන්, මුවංගල තරුණ සමිතියේ සාමාජිකයන් සහ අම්පාර, දමන රණවිරු සංසද නිලධාරීන් හා සාමාජිකයන් මේ සඳහා සහභාගී විය.