වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව තවත් කැස්බෑ පැටවුන් කණ්ඩායමක් නිදහස් කරයි

ජුනි 08, 2022

වෙරළාරක්ෂක කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ විවිධ ස්ථානවල සංරක්ෂණය කරන ලද කැස්බෑ බිත්තර 222 කින් පැටවුන් එකසිය තිස් හතරක් (134) පසුගියදා මුහුදට මුදා හරින ලද බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කැස්බෑ පැටවුන් ඔවුන්ගේ ස්වභාවික වාසභූමියට මුදා හැරීම සඳහා බොහෝ විදේශීය සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් ද එක් රැස්ව සිටියහ.

කැස්බෑ බිත්තරවල ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔවුන්ගේ ස්වාභාවික වාසභූමි තුළ හෝ ඒ අවට සංරක්ෂණය කිරීමට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සෑම උත්සාහයක්ම ගනී.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙම වසර තුළ කැස්බෑ පැටවුන් 9368 ක් මුහුදට මුදා හැර ඇති අතර ඔවුන් මේ වන විට කැස්බෑ බිත්තර 6530 ක් සංරක්ෂණය කරමින් සිටින වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.