මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත්වේ

ජුනි 08, 2022

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මහතා අද (ජුනි 8) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදාවේ 60 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් කොඩිතුවක්කු මහතා අද වැඩ භාර ගත්තේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ඉහලම නිලය වන මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්වීමට පෙර ඔහු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන ලද අතර සිය කීර්තිමත් වෘත්තීය දිවිය තුළ ඔහු යුද හමුදාවේ ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.