ජල හිඟයෙන් පීඩාවට පත් අහංගම ප්‍රදේශවාසීන්ට ගුවන් හමුදාවෙන් ජල ව්‍යාපෘතියක්

ජුනි 09, 2022

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුර, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ප්‍රධානත්වයෙන් ජල ව්‍යාපෘතියක් ප්‍රතිසංස්කරණය කර අහංගම කොරහැඩිගොඩ සුනාමි ගම්මානයේ ජල හිඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවාසීන් වෙත පසුගියදා බාර දෙන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කල, අඩු වරප්‍රසාද ලත් පවුල් 35 ක ජල අවශ්‍යතා සපුරාලීමේ ධාරිතාවයෙන් යුත් මෙම ව්‍යාපෘතිය ‘ගුවන් මිතුදම්’ වැඩසටහනේ 33 වැනි අදියර සනිටුහන් කරයි.

මෙම අවස්ථාවට ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් තිළිණ රාජපක්ෂ, හබරාදූව ප්‍රාදේශීය ලේකම්, කොරහැඩිගොඩ ග්‍රාම නිලධාරී, කොග්ගල ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන්, ගුවන් භටයින් සහ ගම්වාසීන් එක්ව සිටියහ.