යුද හමුදා බොක්සිං ක්‍රීඩකයෙක් නෙදර්ලන්තයේදී
රිදී පදක්කමක් දිනා ගනී

ජුනි 09, 2022

ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං ක්‍රීඩක මාණ්ඩලික සැරයන් එම්.වී.අයි.ආර්.එස් බණ්ඩාර ජුනි 3 සිට ජුනි 6 දක්වා නෙදර්ලන්තයේ පැවති ‘Eindhoven Box Cup - Netherlands 2022’ බොක්සිං ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගත්තේය.

16 වන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායට අයත් මාණ්ඩලික සැරයන් බණ්ඩාර කිලෝග්‍රෑම් 51 බර පන්තිය යටතේ පැවති තරඟයෙන් මෙම ජයග්‍රහණය ලබාගත් බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.