මුලතිව් යුද හමුදා භට පිරිස් ජනතාවට වියළි සලාක පරිත්‍යාග කරයි

ජුනි 15, 2022

මුලතිව් ආරක්ෂක සේනාවට අයත් යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා පුදුමාතලන් රෝමානු කතලික මිශ්‍ර පාසලේ සංවිධානය කරන ලද වැඩසටහනකදී දුප්පත් පවුල් සහ ළමුන් විශාල පිරිසකට අතිරේක ආහාර සහ වියළි සලාක බෙදා දෙන ලදී.

ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර ඒ අනුව පුදුමාතලන් පාසලේ සිසුන් 41 දෙනෙකු සඳහා අතිරේක ආහාර ප්‍රදානය කරන ලද අතර ප්‍රදේශයේ අසරණ පවුල් 350 ක් සඳහා වියළි සලාක බෙදා දුන් බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සිංගප්පූරුවේ “Tan Ngak & Kee Meng Lang“ පදනමේ අනුග්‍රහයෙන් කළුතර ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් මෙම පරිත්‍යාගය සිදු කර ඇත. තවද, මාතලේ ෆිට්නස් පෙදෙස සහ “JSBCLLC Dubai (Pvt) Ltd” ආයතන විසින් සිසුන් සඳහා මාස හයක කාලයක් සඳහා අඛණ්ඩව අතිරේක ආහාර සැපයීමට සැලසුම් කර ඇති බවද යුද හමුදාව පවසයි.

68 වන සේනාංකය, 682 පාබල බලසේනාව, 3 වන විජයබා පාබල රෙජිමේන්තුව සහ 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු භට පිරිස්, අනුග්‍රාහකයින්, විදුහල්පතිතුමා සහ ගම්වාසීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.