කැබිතිගොල්ලෑව බස්රථ බෝම්බ ප්‍රහාරයට වසර 16ක් සපිරේ

ජුනි 15, 2022

අදින් වසර 16කට පෙර 2006 ජූනි 15 දින ලංගම බස් රථයක් ඉලක්ක කර සඟවා තැබූ ක්ලේමෝ බෝම්බ දෙකක් පිපිරීමෙන් ළමයින් 15 දෙනෙකු ඇතුලු අහිංසක ශ්‍රී ලාංකීය සිවිල් වැසියන් 64 දෙනෙක් මියගිය අතර, සිවිල් වැසියන් 70 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය දුටු සියලුම ශ්‍රී ලාංකිකයන්හට අඳුරු බ්‍රහස්පතින්දා (ජුනි 15) දිනයක් ලෙස මෙම සිදුවීම ඉතිහාසයට එක් ඇති අතර, අහිංසක සිවිල් වැසියන්ට එල්ල වූ එම ප්‍රහාරයේ විශාලත්වය හේතුවෙන් මුළු ජාතියම මෙම දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාව වාර්ෂිකව සිහිපත් කරයි.

මගීන් 160 කට අධික පිරිසක් රැගෙන කැබිතිගොල්ලෑව දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් ඉලක්ක කර ගනිමින් තල්ගස්වැව ප්‍රදේශයේදී මාර්ගය අයිනේ සවිකර තිබූ ම්ලේච්ඡ කොටින්ගේ බෝම්බය පුපුරා ගිය අතර, සිද්ධියෙන් මියගිය ළදරුවන්ගේ අප්‍රාණික මුහුණු දැකීමෙන් රට පුරා ජනතාව තුල භීතියේ කම්පනය පැතිර ගියේය.

එය රජය සහ එල්ටීටීඊය අතර 2002 සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු අහිංසක ග්‍රාමීය ප්‍රජාවකට එරෙහිව කුරිරු එල්ටීටීඊය විසින් ක්‍රියාත්මක කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයකි.

එල්.ටී.ටී.ඊ සංවිධානය හෝ ඔවුන්ගේ ආධාරකරුවන් මෙම කුරිරු ප්‍රහාරය එල්ල කර ඇති බව ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්‍ෂණ කමිටුව ද ප්‍රකාශ කළේය.

2010 පෙබරවාරි 02 වැනිදා තේරුනුවර පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ කොටි සැකකරුවකු අත්අඩංගුවට ගත් අතර, සැකකරුගේ ප්‍රකාශය අනුව බෝම්බ ප්‍රහාරයට කොටි සාමාජිකයන් අට දෙනකු සම්බන්ධ වී ඇත.

2013 ඔක්‌තෝබර් 24 වැනිදා ප්‍රහාරයේ සැකකරු වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයාට වරද පිළිගැනීමෙන් පසු අනුරාධපුර මහාධිකරණය වසර පහක සිර දඬුවමක්‌ නියම කළේය.