යාපනයේ සිසුන් සහ තරුණ තරුණියන් අතර බැඩ්මින්ටන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

ජුනි 17, 2022

යාපනය අර්ධද්වීපයේ තරුණ තරුණියන් අතර, බැඩ්මින්ටන් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද හමුදාව විසින් බැඩ්මින්ටන් පුහුණු වැඩසටහනක් පසුගියදා 55 වන සේනාංක ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම සඳහා 55 වන සේනාංකයේ භට පිරිස් විසින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරන ලද අතර, යාපනය අර්ධද්වීපයේ සිසුන් සහ තරුණ තරුණියන් පාසල්, දිස්ත්‍රික්, පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් තරඟ කිරීමට දිරිමත් කරන ලද බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

පේදුරුතුඩුව, නාගර්කෝවිල්, මරදන්කේනි, අයියකච්චි, පලෙයි සහ කඩ්ඩෙයිකාඩු යන ප්‍රදේශවල පාසල් සහ ක්‍රීඩා සමාජ 35 ක් මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා එක් වූ අතර, 55 වන සේනාංකයේ සේනාංකාධිපති සහ මරදන්කේනි ප්‍රාදේශීය ලේකම් මෙම වැඩසටහනට සහභාගී වූ බව යුද හමුදාව වාර්තා කළේය.