අගෝස්තු 25, 2019

මල්වාන සහ දොම්පේ අතර මාර්ගය හිටපු යුද හමුදාපති ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ නමින් "ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවත" ලෙස නම් කර ඇත.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මැතිතුමා සහභාගී වූ සෙනසුරාදා (අගෝස්තු 24) දින පැවති උත්සවයකදී මාර්ගය නම් කිරීම සිදු විය.

ජෙනරාල් හැමිල්ටන් වනසිංහ ශ්‍රී ලංකා හමුදාවේ 11 වන යුද්ධ හමුදාධිපතිවරයායි. ඔහු ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී සහ ආරක්‍ෂක ලේකම් ලෙස ද කටයුතු කර ඇත.

මෙම අවස්ථාව සදහා ජෙනරාල් හැමිල්ටන් වනසිංහ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සහභාගී විය