නාවික හමුදාවෙන් ලේ දන්දීමේ වැඩසටහන්

ජුනි 18, 2022
  •    ලේ දන්දීම ජිවිත සුරකියි.  

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් පරිදි නාවික හමුදාව විසින් සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක් ජුනි මස 16 වන දින සංවිධානය කරන ලදි.

දිවයින පුරා පිහිටි රෝහල් කිහිපයක රුධිර බැංකු සඳහා අවශ්‍ය රුධිර සංචිත පවත්වා ගැනීම මෙම වැඩසටහන්වල අරමුණ වන අතර, ඒ අනුව නාවික විධාන හතක් යටතේ රුධිර පරිත්‍යාග වැඩසටහන් නවයක් සංවිධානය කරන ලද බව නාවික හමුදාව පවසයි.

අදාළ ප්‍රදේශයේ අණදෙන නිළධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ රුධිර බැංකු සමඟ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන් සිදුකරන ලද බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

2566 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තියට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කරන් ලදි.

මේ සඳහා නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව සියලුම නාවික විධානයන් හි නාවිකයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් සිය දායකත්වය ලබා දෙන ලදි.