ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව සේනාවිධායක
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුනි 21, 2022

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව සේනාවිධායක මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගූ අද (ජුනි 21) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙම සුහද සාකච්ඡාවේදී ආරක්‍ෂක ලේකම්වරයා, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි ප්‍රධානියා ලෙස පත්වීම පිළිබඳව මේජර් ජෙනරල් රුද්‍රිගෝ වෙත සුභ පැතුම් පිරිනැමූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි හිටපු සේනාවිධායක මේජර් ජෙනරල් නිශාන්ත හේරත් පසුගියදා (ජුනි 17) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් හමුවිය.