පවුන්ඩර් 25 වර්ගයේ කාලතුවක්කු හතක් යුද හමුදාව අලුත්වැඩියා කරයි

ජුනි 24, 2022

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කරන ලද  පවුන්ඩර් 25 වර්ගයේ කාලතුවක්කු හතක් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත නිල වශයෙන් භාරදීම පසුගියදා පනාගොඩ පිහිටි කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදුවිය.

යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භට පිරිස් විසින් එම කාලතුවක්කු අලුත්වැඩියා කිරීම තුලින් විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකි වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක සහ මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සංජය වනසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ භට පිරිස් සහභාගී විය.