යුද හමුදාවෙන් කිලිනොච්චි රෝහලට ලේ පරිත්‍යාගයක්

ජුනි 27, 2022

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් රෝගීන් සඳහා හදිසි රුධිර අවශ්‍යතාවයට ප්‍රතිචාර වශයෙන් කිලිනොච්චි රෝහල වෙත ලේ පරිත්‍යාග කරන ලදී.

MAS Intimates (Pvt) Ltd විසින් කිලිනොච්චියේදී  සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී යුද හමුදා සාමාජිකයින් 65 දෙනෙකු ස්වේච්ඡාවෙන් ලේ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.