ගුවන් හමුදාව රණවිරුවන් සමරයි

ජුනි 27, 2022

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද ‘රණවිරු සැමරුම් උත්සවය 2022’ පසුගියදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ පිහිටි ගුවන් හමුදා රණවිරු ස්මාරකය අභියසදී පවත්වන ලදී.

මෙම වැඩසටහන අතරතුර ගුවන් හමුදා රණවිරුවන් විසින් සිදු කරන ලද උත්තරීතර ජීවිත පරිත්‍යාගය සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුද කරන ලද බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.